රටේ ජන අයිතිවාසිකම් දැඩි අර්බුදයක – විපක්ෂ නායක

වත්මන් රජය යටතේ මෙරට සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවන්ට හා අන්ත අසරණ භාවයකට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.​මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ජනතාවගේ මූලික ජීවත් වීමේ අයිතිය පවා වර්තමාන පාලන කාලය තුළ දැඩි උල්ලංඝනයකට ලක්ව ඇති බවයි. විශේෂයෙන්ම ගොවි ජනතාවගේ කටයුතු සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති අතර, අලි-මිනිස් ගැටුම ඇතුළු ජනතාව මුහුණපා සිටින දෛනික ගැටලුවලට බලධාරීන්ගෙන් නිසි විසඳුමක් ලැබී නැති බව ඔහු සඳහන් කළේය.​එපමණක් නොව, විවිධ දත්ත පදනම් කරගනිමින් ‘අස්වැසුම’ වැනි සුබසාධන ප්‍රතිලාභ පවා ක්‍රමානුකූලව කප්පාදු කිරීමට වත්මන් පරිපාලනය කටයුතු කරමින් සිටින බවටද හෙතෙම මෙහිදී දැඩි චෝදනා එල්ල කළේය.

What's your reaction?

Related Posts

1 of 1,297

Leave A Reply

Your email address will not be published. Required fields are marked *