රත්මලානේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයට අදාළව සිව්දෙනෙකු අත්අඩංගුවට

රත්මලාන, ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව සහ රත්මලාන යන ප්‍රදේශවලදී සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් මොවුන් වයස අවුරුදු 21, 26, 28 සහ 30 යන වයස්වල පසුවන එම ප්‍රදේශවලම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.​පසුගිය අගෝස්තු 5 වනදා අදාළ නිවසට අත්බෝම්බ දෙකක් එල්ල කර ඇති අතර, ඉන් එකක් පුපුරා ගොස් තිබූ අතර අනෙක් බෝම්බය නොපුපුරා ගෙවත්තේ තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකි විය. සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.​සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් බලප්‍රදේශ හරහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,317

Leave A Reply

Your email address will not be published. Required fields are marked *