ඊයේ (10) හා සසඳන විට අද (11) දිනයේදී ශ්රී ලංකාවේ රන් මිල රුපියල් 4,000ක පමණ අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. කොළඹ පිටකොටුව රන් වෙළෙඳපොළ දත්තවලට අනුව මෙම මිල පහළ යාම සිදුව තිබේ.ඒ අනුව අද උදෑසන 22 කැරට් රන් කාසියක මිල රු. 343,200ක් දක්වා අඩු වී තිබෙනවා. ඊයේ දිනයේ එහි මිල රු. 347,000ක් විය. එලෙසම 24 කැරට් රන් කාසියක මිලද ඊයේ පැවති රු. 377,000 සිට අද රු. 373,000 දක්වා අඩු වී ඇති බව කොළඹ පිටකොටුව රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.


























