හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුවට අදාළ විමර්ශන අවසන් බව නීතිපතිවරයා අධිකරණයට දන්වා ඇත. රජයේ නීතිඥවරිය සඳහන් කළේ නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නඩු ගොනුවේ උදෘත මේ වන විට යොමු කර ඇති බවයි.ලන්ඩන් සංචාරයක් සඳහා රාජ්ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව මෙම නඩුව පවරා තිබේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා, නඩුව ලබන නොවැම්බර් මස 11 වැනි දින දක්වා කල් තැබීමට නියෝග කළේය.



























