අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන දෙසැම්බර් මස 09 වැනිදා නැවත කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.අදාළ විමර්ශනවල ඉදිරි ප්රගතිය සහ නීතිමය පියවරයන් සැලකිල්ලට ගනිමින් නඩුව එදිනට කැඳවීමට අධිකරණය තීරණය කළේය.ඒ අනුව අදාළ නඩු කටයුතු ඉදිරියේදීත් අධිකරණ නියෝගයන්ට අනුකූලව ක්රියාත්මක වනු ඇත.



























