රඹෑව බස් අනතුරින් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළට

අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ අද (10) උදෑසන සිදු වූ බස් රථ තුනක ගැටීමකින් සිදුවූ දරුණු රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 60 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.​මුලතිව් සිට සහ වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ බස් රථ දෙකක් අධික වේගයෙන් තරඟකාරී ලෙස එකිනෙක පසුකර යාමට උත්සාහ කිරීමේදී, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් බස් රථයක් සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. තුවාල ලැබූවන්ගේ පවුල්වල අයට අවශ්‍ය නවාතැන් සහ පහසුකම් සපයා දීම සඳහා උතුරු මැද පළාත් සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව කටයුතු යොදා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,417

Leave A Reply

Your email address will not be published. Required fields are marked *