ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෙනුවෙන් සංවිධානය කෙරෙන 2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය ‘දක්ෂිණා ප්‍රභා’ නමින් හෙට (27) සිට මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමට නියමිතය. ‘පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු’ යන සමාජීය පණිවිඩය පෙරදැරි කරගනිමින්, ‘අභිත්ථරේථ කල්‍යාණේ’ යන උතුම් බුදු වදන මෙවර තේමාව වී ඇත. මෙම ජාතික පුණ්‍ය මහෝත්සවය හෙට සිට ජූනි මස 02 වැනිදා දක්වා මාතර දිස්ත්‍රික්කය පුරා විවිධ ආගමික වැඩසටහන් සමඟින් පැවැත්වේ.මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන සමාරම්භක නිල උත්සවය හෙට දින තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම සුවිශේෂී ආගමික අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව උත්කර්ෂවත් අයුරින් ආරම්භ වීමට නියමිතව ඇත.



























