රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු

සමාජ මාධ්‍ය ඔස්සේ ආගමික සහජීවනයට හානි වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට වන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (25) වරෙන්තු නිකුත් කළේය. ඇපකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.​අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය, රස පරීක්ෂක වාර්තා පිළිබඳ කරුණු සලකා බැලීම සඳහා නඩුව ලබන වසරේ පෙබරවාරි 24 වැනිදා යළි කැඳවීමට නියම කළේය.​මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි උන්වහන්සේ, අනුරාධපුර පූජා භූමියේ ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් මේ වන විට වෙනත් සිද්ධියක් යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවද වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *