කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රයේ ඔටිසම් සහ අනෙකුත් ස්නායු සංවර්ධන විවිධත්වයන් සහිත දරුවන් වෙනුවෙන් “සත්පෙති” මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. රුපියල් මිලියන 363ක සමස්ත පිරිවැයකින් යුතුව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය මඟින් සිදු කරනු ලබයි.මහල් හතරකින් සමන්විත මෙම මධ්‍යස්ථානය හරහා දරුවන්ගේ අනන්‍ය සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීම, හැකියාවන් වර්ධනය කිරීම සහ පවුල් කේන්ද්‍රීය බහුවිධ සේවාවන් සැපයීම අරමුණයි. සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින හදිසි අවශ්‍යතාව සලකා බලා, සාමාන්‍යයෙන් දින 546කින් නිම කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය ලබන වසරේ දෙසැම්බර් මස වන විට ජනතා අයිතියට පත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී දැඩිව ඉල්ලා සිටියේය.



























