තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට රැගෙන ආ රුපියල් හාර කෝටි දස ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අද අලුයම තායි ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි මොවුන්, ගුවන් තොටුපොළෙන් පිටව යාමට උත්සාහ කිරීමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇත. එහිදී ඔවුන් සතු වූ ගමන් මලු දෙකක සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එකම පවුලේ ඥාතීන් වන බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. මින් එක් සැකකරුවෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සෘජුවම සම්බන්ධ අයෙකු වන අතර අනෙක් පුද්ගලයා හඳුන්කූරු වෙළඳාමේ නිරත වන්නෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.අදාළ සැකකරුවන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දින 14ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලැබී තිබේ. ඒ අනුව පටු පරිශ්‍රයෙන් ඔබ්බට ගිය පුළුල් විමර්ශන කටයුතු සඳහා ඔවුන්ව කොළඹ පිහිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මූලස්ථානය වෙත මාරු කර යැවීමට පොලිසිය පියවර ගෙන ඇත.



























