පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග අද (31) මධ්‍යම රාත්‍රියේ දී ක්‍රීඩා කිරීමට නියමිතය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම රන් පදක්කම් බලාපොරොත්තුවක් ලෙස සැමගේ අවධානය දිනා සිටින ඒ මහතා, මේ වන විටත් රට වෙනුවෙන් විශිෂ්ට දස්කම් අතරට පිවිස සිටියි.ඉන්දියාවේ නීරජ් චොප්රා සහ පාකිස්ථානයේ අර්ෂද් නදීම් වැනි ලෝක ප්‍රකට ප්‍රබල ක්‍රීඩකයින් ද සහභාගී වූ මූලික වටයේ තරගයට ඊයේ (30) එක්වූ රුමේෂ් තරංග, සිය පළමු උත්සාහයෙන්ම මීටර් 82.84ක දක්ෂතාවක් දක්වමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. විශේෂයෙන්ම එම ප්‍රබල ක්‍රීඩකයින් පවා අභිබවා පෙරමුණ ගැනීමට ඔහු සමත්වීම, ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා ගැනීමේ ප්‍රබල අපේක්ෂාවක් මතු කර තිබේ.මෙම සුවිශේෂී දක්ෂතාවත් සමඟ සමස්ත ක්‍රීඩා ලෝලීන්ගේ ඇස් දැන් යොමුවී ඇත්තේ අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන අවසන් මහා සටන වෙතය. රුමේෂ් තරංග තම උපරිම දස්කම් අතරට පැමිණ සිටීම රටටම ආඩම්බරයක් වන අතර, ඔහුගෙන් තවත් වාර්තාගත දස්කමක් බලාපොරොත්තු විය හැකිය.

























