රෝහල්වල දැඩි සේවා පීඩනය නිසා හෙද හෙදියන් 4,600ක් සේවය අතහැර යයි

රජයේ රෝහල්වල පවතින දැඩි සේවා පීඩනය සහ විවිධ වෘත්තීය ගැටලු හමුවේ හෙද හෙදියන් 4,600කට අධික පිරිසක් මේ වන විට රජයේ සේවයෙන් ඉවත් වී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.​රට ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පසු රාජ්‍ය සේවකයන්ට විදෙස්ගත වීම සඳහා ලබා දුන් විශේෂ අවස්ථාව මෙහිදී ප්‍රයෝජනයට ගනිමින්, හෙද හෙදියන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් විදේශගත වී ඇති බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.​දිගින් දිගටම වර්ධනය වන වැඩ බර සහ පවතින දුෂ්කරතා හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන හෙද නිලධාරීන් මෙලෙස වෘත්තිය අත්හැර යාම ඉදිරියේදී සෞඛ්‍ය සේවාවට දැඩි ලෙස බලපෑ හැකි බව පෙනී යයි.

What's your reaction?

Related Posts

1 of 1,285

Leave A Reply

Your email address will not be published. Required fields are marked *