කාන්තාවන්ට සහ පිරිමින්ට තමන්ගේ ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපත්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් එය මෙලෙස නිෂ්ප්‍රභ කර ඇත.මෙම පෙත්සම මඟින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. කෙසේ වෙතත්, අදාළ ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ඉදිරිපත් වූ කරුණු විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව සලකා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.























