ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, රුපියල් 300කින් මිල අඩු කෙරුණු කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,465ක් දක්වා පහළ බැස ඇත. මීට අමතරව, කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,792කි. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 55කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 835ක් ලෙස සටහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,258

Leave A Reply

Your email address will not be published. Required fields are marked *