අදට (12) යෙදී ඇති ලෝක අලි දිනය වෙනුවෙන් වන අලින්ගේ සුරක්ෂිතතාව සහ පැවැත්ම තහවුරු කිරීම සඳහා රජය විසින් විද්‍යාත්මක පදනම මත පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. වසර ගණනාවක් පුරා අක්‍රමවත් සංවර්ධන ක්‍රියාවලි සහ අලි මංකඩ අවහිර වීම නිසා උත්සන්න වූ අලි – මිනිස් ගැටුම හුදෙක් තාවකාලික විසඳුම්වලින් ඔබ්බට ගොස් ස්ථිර සහ තිරසර ක්‍රමවේද හරහා විසඳීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පරිසර අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.අලි සංචරණ රටාවන්ට බාධා ඇති නොවන අයුරින් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල වැටහිරකන්ද, හදපානාගල මෙන්ම කොහොලංකල යන අලි මංකඩ නිල වශයෙන් ගැසට් කර විවෘත කර ඇති අතර, ඉදිරියේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද එවැනි කටයුතු සිදු කිරීමට නියමිතය. මීට අමතරව, ‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ නිල්ගල වනාන්තරය ඇතුළු රක්ෂිතවල පෝෂණ ප්‍රදේශ සක්‍රිය කිරීම හේතුවෙන් අලින් රක්ෂිත තුළම රැඳී සිටීම ඉහළ ගොස් ඇති අතර, එමඟින් ගම්වැදීමේ ප්‍රවණතාවද සාර්ථකව අවම කර ගෙන ඇත.රක්ෂිත තුළ ජල මූලාශ්‍ර ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව, පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ආශ්‍රිතව මද කිපුණු අලි ඇතුන් දම්වැල්වලින් මුදා හැර ස්වාභාවික පරිසරයක නිදහසේ හැසිරීමට අවස්ථාව සලසා දෙමින් ආසියාවේ ප්‍රථම ‘නිදහස් අලි අරණ’ විවෘත කිරීමද රජයේ සුවිශේෂී සත්ත්ව සුබසාධන පියවරක් ලෙස දැක්විය හැකිය.



























