ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ දිනූ නිමේෂා දිවයිනට

පිලිපීනයේ මැනිලා නුවර පැවති 12 වන ලෝක විවාහක සංචාරක රූ රැජින (Mrs Tourism World – 2026) තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිරුළ දිනාගත් නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (05) අලුයම දිවයිනට පැමිණියාය.​ඇය සමඟ මෙම තරගාවලියට සහභාගී වූ ඇයගේ සැමියා වන මලිත් ගිහාන් විතාන මහතා, හොඳම සහායක සැමියාට (Best Supporting Husband) හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වීම විශේෂත්වයකි. සිංගප්පූරුවේ සිට පැමිණි ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ජාතික අධ්‍යක්ෂ රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් සහ සමීප ඥාතීන් පැමිණ සිටියහ.​ලෝකයේ ප්‍රධාන රටවල් 20ක විවාහක සංචාරක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා පැවති මෙම තරගාවලියේදී නිමේෂා ප්‍රධාන කිරුළට අමතරව තවත් අනු තරග කිහිපයකද ජයග්‍රහණ හිමිකර ගත්තාය.

What's your reaction?

Related Posts

1 of 1,364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *