ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

සෑම වසරකම ඔක්තෝම්බර් 01 වන දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත. ළමා අයිතීන් සුරක්ෂිත කිරීම සහ වැඩිහිටි ප්‍රජාවගේ ගෞරවය රැකගැනීමේ අරමුණින් මෙම ජාත්‍යන්තර දිනයන් ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළද ඉතා අර්ථපූර්ණ අයුරින් සමරනු ලබයි.​වර්තමාන සමාජයේ ළමා ජනගහනය ක්‍රමයෙන් අඩුවී වියපත් ජනගහනය ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, උපතේදී ආයු අපේක්ෂාව ඉහළ යාම මෙයට ප්‍රධානම හේතුව වී තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් මෙවර ළමා දිනය සඳහා “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව පාදක කරගෙන ඇත.​රටක අනාගතය බාර ගැනීමට සිටින පුංචි දරුවන් මෙන්ම ජීවිතයේ සැඳෑ සමය ගෙවන වැඩිහිටි ප්‍රජාවද ආදරයෙන් රැකබලා ගැනීම සැමගේ වගකීමක් බව මෙම දිනය වෙනුවෙන් අවධාරණය කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,357

Leave A Reply

Your email address will not be published. Required fields are marked *