මඩකලපුව කළුවාන්චිකුඩි ප්‍රදේශයේ නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. යුද සමයේදී සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබූ මෙම තැපැල් කාර්යාලය වසර 38කට පසු මෙලෙස ස්ථිර නව ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර තිබීම විශේෂත්වයකි. මීට පෙර මෙම ආයතනය පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගොස් ඇත.රුපියල් මිලියන 29.5ක ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ යුද හමුදා පාලනය යටතේ පැවති අදාළ භූමිය නිදහස් කර ගැනීමෙන් පසු පසුගිය වසරේ සැප්තැම්බර් 18 වැනිදාය. මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ ඇතුළු ප්‍රදේශයේ පිරිසක්ද එක්ව සිටියහ.























