2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.61 දක්වා වර්ධනය වී ඇති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) වාර්තා කරයි. මෙය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.04%ක වර්ධනයක් වන අතර, භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සිදුවූ ප්රගතිය මීට හේතු වී ඇත.මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 10.76 ක් ලෙස සටහන් වූ අතර සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 2.85 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේදී පමණක් ලැබූ අපනයන ආදායම පෙර වසරට වඩා 17.23%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.ඇඟලුම්, ප්රවාහන හා කාර්යෝපාය සේවා, තොරතුරු තාක්ෂණ සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන සහ තේ මෙරට ප්රධාන ආදායම් මාර්ග ලෙස පෙරමුණේ පසුවේ. 2030 වසර වන විට වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නැංවීම රජයේ දීර්ඝකාලීන ඉලක්කයයි.



























