රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට ඇති බව පවසමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නාමය අවභාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවිඩ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවට දැනුම් දෙයි. මෙවැනි නොමග යවන සුලු පණිවිඩ සහ සබැඳි (links) මගින් පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන සයිබර් තර්ජන සම්බන්ධයෙන් මෑතකාලීනව පැමිණිලි රැසක් වාර්තා වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි.මේ හේතුවෙන්, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත්, මෙවැනි ව්‍යාජ පණිවිඩවලට නොරැවටී තම පෞද්ගලික තොරතුරු ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසත් පොලිස් දෙපාර්තමේන්තුව සිහිපත් කරයි. එමෙන්ම, සයිබර් තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත උපක්‍රම වහාම අනුගමනය කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



























