ව්‍යාපාරිකයින් රවටා කෝටි 16ක වංචාවක් කළ හිටපු නාගරික මන්ත්‍රීවරිය රිමාන්ඩ්

පිටකොටුවේ රෙදිපිළි ව්‍යාපාරිකයින් හයදෙනෙකු රවටා රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්, හොරණ එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරියක වන රේනුකා දමයන්ති (49) අත්අඩංගුවට ගෙන තිබේ. ඇයව අද (19) දින වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.​පොලිස් වාර්තාවන්ට අනුව, සැකකාරිය විසින් අදාළ ව්‍යාපාරිකයින්ට අගරු චෙක්පත් ලබා දෙමින් මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව අනාවරණය වී ඇත. දිගු කලක් තිස්සේ ව්‍යාපාරිකයින් මගහරිමින් සිටි ඇය, ඊයේ (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී දැකගැනීමට ලැබීමත් සමඟ අදාළ ව්‍යාපාරිකයින් ඇයව සොයා එහි ගොස් තිබුණි. එහිදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර, පසුව මිරිහාන පොලිසිය මැදිහත්වී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.​මිරිහාන පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව, ඇය වැඩිදුර නීතිමය පියවර ගැනීම සඳහා වත්තල පොලිසිය වෙත භාර දෙන ලදී. ව්‍යාපාරිකයින් විසින් ඇයට එරෙහිව කරන ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින්, අධිකරණය විසින් මෙම රක්ෂිත බන්ධනාගාර නියෝගය ලබා දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,245

Leave A Reply

Your email address will not be published. Required fields are marked *