මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි

මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 1,236,695ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 279,328කි. මීට අමතරව, ජූලි මාසයේ ගතවූ කෙටි දින 15ක කාලය තුළ පමණක් සංචාරකයින් 90,122ක් දිවයිනට පැමිණීම විශේෂත්වයකි.​පැමිණි සංචාරකයින් අතරින් ඉන්දියාව පෙරමුණ ගෙන සිටින අතර, එම සංඛ්‍යාව 314,163කි. ඉතිරි ප්‍රධාන සංචාරක රටවල් ලෙස එක්සත් රාජධානිය (117,844), චීනය (81,665) සහ රුසියාව (78,276) පිළිවෙළින් වාර්තා වේ. සංචාරක ක්ෂේත්‍රයේ මෙම වර්ධනය මෙරට ආර්ථිකයට දැඩි පිටුබලයක් සපයන සාධකයක් බවට පත්ව තිබේ.​ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, වසරේ මුල් මාස හය තුළ සංචාරක ක්ෂේත්‍රය මගින් උපයා ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 475.6කි. ජුනි මාසයේ පමණක් රුපියල් බිලියන 50.5ක ආදායමක් වාර්තා වී ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ ද මෙම ආදායම් ප්‍රවණතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවශ්‍ය උපායමාර්ගික පියවර ගනිමින් සිටින බව බලධාරීහු සඳහන් කරති.

What's your reaction?

Related Posts

1 of 1,243

Leave A Reply

Your email address will not be published. Required fields are marked *