වාහන අංක තහඩු ගැටලුව ඉදිරි මාස හය තුළ විසඳන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

​ඉදිරි මාස හය ඇතුළත වාහන අංක තහඩු නිකුත් කිරීමේ ගැටලු සම්පූර්ණයෙන්ම විසඳීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි. දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර, එම කාලයෙන් පසු අලුතින් ලියාපදිංචි කෙරෙන ඕනෑම වාහනයක් සඳහා දින 7ක් ඇතුළත අංක තහඩු ලබා දීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.​මීට අමතරව, මගී ප්‍රවාහන සේවා සපයන සියලුම වාහන කිලෝමීටර 5,000කට වරක් හෝ මාස තුනකට වරක් අනිවාර්යයෙන්ම යෝග්‍යතා පරීක්ෂණයකට යොමු කළ යුතු බව ඒ මහතා අවධාරණය කළේය. පරීක්ෂණවලදී ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.​ආයතනගත දූෂණ සහ තැරව්කාර ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ යටතේ දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජාලය හරහා මහජනතාවට කිසිදු අපහසුතාවකින් තොරව කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,323

Leave A Reply

Your email address will not be published. Required fields are marked *