වාහන ආනයන බදු අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

රජය විසින් වාහන ආනයනය සඳහා පනවා තිබූ සියයට 50ක අධිභාරය මේ වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. මීට පෙර හෙට (15) දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙම බදු කාලය, රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමි බලතල මත මෙලෙස දීර්ඝ කර ඇත.​කෙසේ වෙතත්, පසුගිය මැයි මස 15 වන දිනට හෝ එදිනට පෙර ණයවර ලිපි (LC) විවෘත කර ඇති මෝටර් රථ ආනයන සඳහා මෙම නව අධිභාර නියෝගය බලපැවැත්වෙන්නේ නැති බවද වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,285

Leave A Reply

Your email address will not be published. Required fields are marked *