දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

සබරගමුව පළාතේ මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය කිහිපය තුළ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව, බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.​දිවයිනේ සෙසු ප්‍රදේශ කිහිපයක් දෙස අවධානය යොමු කිරීමේදී, මොණරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.​ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,316

Leave A Reply

Your email address will not be published. Required fields are marked *