වැඩි මිලට පානීය ජල බෝතල් විකුණූ ඇල්ල ආපනශාලාවකට දඩ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීමේ චෝදනාවට ලක් වූ ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබේ.​අදාළ වැටලීමේදී ලීටර් 1ක පානීය ජල බෝතලයක් රුපියල් 100ක උපරිම සිල්ලර මිල ඉක්මවා රුපියල් 200ක මිලකට අලෙවි කර ඇති බව අනාවරණය විය. ඒ අනුව, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වය විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව ගරු මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දඩ මුදල නියම කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,347

Leave A Reply

Your email address will not be published. Required fields are marked *