හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇපෑල අභියාචනාධිකරණයේදී විභාගයට

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකර තැබීමේ වරදට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඇපෑල අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගෙන ඇත.​කොළඹ මහාධිකරණය විසින් ඇයට නියම කරන ලද වසර තුනක සිරදඬුවමින් ඇය නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම ඇපෑල ඉදිරිපත් කර තිබේ. එහිදී විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ මන්ත්‍රීවරිය වරදකාරිය කිරීමට ගත් තීරණය දෝෂ සහිත බවයි. කෙසේ වෙතත්, වැඩිදුර පෙත්සම් විභාගය මේ මස 29 වැනි දින දක්වා කල් තබා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,347

Leave A Reply

Your email address will not be published. Required fields are marked *