සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විදේශීය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමේ ඇතැම් දැන්වීම් සම්පූර්ණයෙන්ම වංචනික ඒවා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි. විදෙස් රටවල වීසා, රැකියා බලපත්‍ර මෙන්ම පුරවැසිභාවය පහසුවෙන් ලබාගත හැකි බව පවසමින් මෙම පිරිස් සිසුන් සහ දෙමාපියන් නොමඟ යවන බව අනාවරණය වී තිබේ.මේ වන විටත් එවැනි වංචාවන්ට හසුවී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි වූ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් පැමිණිලි ලැබී ඇති බව එම සංසදය සඳහන් කරයි. එබැවින්, මෙවැනි ආකර්ශනීය දැන්වීම් දැක මුදල් ගෙවීමට පෙර එහි සත්‍යතාව සහ විශ්වසනීයත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.


























