ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මාර්ගගත ක්‍රමය (Online) හරහා සහතික පත්‍ර නිකුත් කිරීමේ සේවාව ඉදිරි දින දෙක තුළ ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව, දත්ත පද්ධතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය යාවත්කාලීන කිරීමේ කටයුතු හේතුවෙන් හෙට (07) සහ අනිද්දා (08) යන දිනවලදී අදාළ සේවාව ලබා ගැනීමට නොහැකි වනු ඇත.මෙම අත්‍යවශ්‍ය තාක්ෂණික කටයුතු අවසන් වූ වහාම යළිත් සුපුරුදු පරිදි සේවාවන් ලබා ගැනීමට පහසුකම් සලසන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. එම නිසා එම දිනවලදී විභාග සහතික ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.



























