විමල් වීරවංශ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කෙරේ

පසුගිය සැප්තැම්බර් 12 වැනි දින අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.​පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති අතර, අදාළ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමේ වරදක් යටතට වැටේද යන්න පිළිබඳව පොලිසිය විසින් පරීක්ෂා කරමින් පවතී. කෙසේ වෙතත්, මේ වන තෙක් අධිකරණයට අපහාස කිරීමක් සිදුව ඇති බවට නිශ්චිත නිගමනයකට එළඹ නොමැති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,344

Leave A Reply

Your email address will not be published. Required fields are marked *