වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල දැනට පවතින විශාල වී තොග විධිමත් ලෙස විකිණීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම පියවර ගෙන තිබේ. විනිවිදභාවයකින් යුත් රාජ්‍ය ටෙන්ඩර් ක්‍රමවේදයක් ඔස්සේ මෙම වී තොග කඩිනමින් වෙළෙඳපොළට මුදාහැරීමට මෙහිදී තීරණය කර ඇත.විවිධ කන්නවලදී ගොවීන්ගෙන් මිලදී ගත් වී මෙට්‍රික්ටොන් 115,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට මණ්ඩලය සතු ගබඩාවල තැන්පත් කර තිබේ. මෙම වී තොග අලෙවි කිරීමෙන් අපේක්ෂා කරන්නේ ඉදිරි යල කන්නයේදී ගොවීන්ගෙන් අලුතින් මිලදී ගන්නා අස්වනු ගබඩා කිරීම සඳහා අවශ්‍ය ඉඩකඩ සකසා ගැනීමයි. එමෙන්ම නව අස්වනු මිලදී ගැනීම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම ද මෙහි තවත් අරමුණකි.මෙම ක්‍රියාවලිය හරහා වී අලෙවි මණ්ඩලයට අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සහ ගබඩා පහසුකම් සැලසෙනවාට අමතරව, වෙළෙඳපොළ සහල් මිල පාලනය කිරීමට ද ඉඩ ලැබෙනු ඇත. සහල් තොග ක්‍රමවත්ව නිදහස් කිරීම මඟින් පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාගැනීමට හැකිවන පරිදි මිල ස්ථාවරත්වයක් ඇති කිරීමට ද රජය බලාපොරොත්තු වෙයි.



























