වීසා නොමැතිව රැඳී සිටීමේ චෝදනාවට ඩයනා ගමගේ වරද පිළිගනී

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ චෝදනාවට තමන් වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය අද (26) අධිකරණයට දැනුම් දුන්නාය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.​ඒ අනුව, අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඇයට දඬුවම් නියම කිරීම එළඹෙන ජනවාරි මස 14 වැනිදා දක්වා කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ලබා දී විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීම සහ වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීම තුළින් ආගමන හා විගමන පනත උල්ලංඝනය කළ බවට ඇයට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *