ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට

​ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම්, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් අද (29) නිල වශයෙන් පිළිගෙන තිබේ. මෙම තීරණයත් සමඟ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති මගින් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ක්‍රිකට් ආයතනයේ සියලුම පරිපාලන කටයුතු තාවකාලික පියවරක් ලෙස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට පියවර ගෙන ඇත.​මෙම පරිපාලන වෙනසත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති වත්මන් අර්බුද සඳහා විසඳුම් සෙවීමටත්, අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් රජයේ අවධානය යොමුව තිබේ. ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් කඩිනමින් පත් කිරීමට අමාත්‍යවරයා තීරණය කර ඇති අතර, එමඟින් ක්‍රීඩාවේ අනාගත උභතෝකෝටික ප්‍රශ්න නිරාකරණය කරමින් විනිවිදභාවයකින් යුත් පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණයි.

What's your reaction?

Related Posts

1 of 1,133

Leave A Reply

Your email address will not be published. Required fields are marked *