ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වූ උපාලි ධර්මදාස මහතා ඊයේ (25) පස්වරුවේ නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.නවලෝක සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සහ ප්‍රධාන කොටස්කරුවෙකු වූ ඒ මහතා, වසර ගණනාවක් පුරා මෙරට ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටුකළ චරිතයකි.























