ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වුයි හුආචියැං (Wei Huaziang) මහතා අතර ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුවිය.දෙරටටම පොදු වැදගත්කමක් ඇති කරුණු රැසක් පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කරගත් අතර, ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා චීන රජයට සිය කෘතඥතාවය පළ කළේය. මෙම අවස්ථාව සඳහා කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක අටෑචේ ජ්‍යෙෂ්ඨ කර්නල් ෆුෂියාඕ (Fu Xiao) මහතාද එක්ව සිටියේය.



























