ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන “ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත – 2026” වාර්තාවේ 49 වන වෙළුම මේ වන විට නිල වශයෙන් එළිදක්වා තිබේ.රටේ වත්මන් සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳ පුළුල් දත්ත සමුදායක් ඉදිරිපත් කරමින්, ප්‍රධාන මාතෘකා 14ක් යටතේ මෙම වාර්තාව සකසා ඇත. ඒ යටතේ ප්‍රධාන ආර්ථික දර්ශක, ජාතික ගිණුම්, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, මිල ගණන්, වැටුප් මෙන්ම විදේශ වෙළෙඳාම සහ සංචාරක ක්ෂේත්රයට අදාළ නවතම සංඛ්‍යාලේඛන මීට ඇතුළත් කර තිබේ.රටේ ආර්ථික ගමන් මඟ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පර්යේෂකයන්ට සහ පාර්ශ්වකරුවන්ට මෙම වාර්තාව මහ බැංකු නිල වෙබ් අඩවිය හරහා දැන් ලබාගත හැක.



























