ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.​ඔහු විසින් ලබා දී ඇති ඉල්ලා අස්වීමේ ලිපියට අනුව, මෙම ඉල්ලා අස්වීම අද දින සිට (2026 සැප්තැම්බර් 14) ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා සඳහන් කර ඇත.​මේ හරහා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් නිර්මාණය වී ඇති බව වැඩබලන මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් නිල වශයෙන් දැනුම් දී තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *