ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඔක්තෝබර් 09 වනදා පැවැත්වුණු මෙම හමුවට මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ට් මහතා සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා එක්වූහ.මෙහිදී කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම, තාක්ෂණ හුවමාරුව සහ නිෂ්පාදන කර්මාන්ත අතර සබඳතා දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් (විශේෂයෙන් Vein Graphite) ආශ්‍රිත කර්මාන්ත සහ උසස් නිෂ්පාදන තාක්ෂණය ඔස්සේ සහයෝගීතාව ගොඩනැගීමට ද සාකච්ඡා කෙරිණි.මොන්ටානා ආණ්ඩුකාරවරයාගේ ශ්‍රී ලංකා වෙළෙඳ සංචාරයට සමගාමීව පැවැත්වුණු මෙම හමුවේදී, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට මොන්ටානා ප්‍රාන්තයේ ඇති ව්‍යාපාරික අවස්ථා අධ්‍යයනය කිරීම සඳහා නියෝජිත සංචාරයක් සංවිධානය කිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.
























