ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද (11) පස්වරුවේ රාවල්පිණ්ඩි හිදී ආරම්භ වේ. තරගාවලියේ පළමු තරගය සත්කාරක පාකිස්ථානය ජයගෙන ඇති බැවින්, තරගාවලියේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා පිලට අද තරගයේ ජයග්‍රහණය අතිශය තීරණාත්මක වී ඇත.ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වන මෙම තරගයේදී පළමු තරගයේදී සිදුවූ අඩුපාඩු සකසා ගනිමින්, පිතිකරණ සහ පන්දු යැවීමේ අංශ ශක්තිමත් කර තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම් කර තිබේ.විදේශීය තණතීරුවලදී සත්කාරකයන්ට එරෙහිව උපරිම දස්කම් දක්වමින් ජයග්‍රහණය ලබා ගැනීම ශ්‍රී ලංකා පිල හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වන අතර, දෙපිල අතර දැඩි තරගකාරීත්වයක් අද තරගයේදී අපේක්ෂා කෙරේ.

























