ශිරන්ති රාජපක්ෂට ඇප

​’සිරිලිය සවිය’ ගිණුමේ අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කරන ලදී. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝධරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. ජාතික ඉතුරුම් බැංකුවට අයත් රුපියල් මිලියන 10 ක මුදලක් ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත නීතිවිරෝධී ලෙස මාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෑතකදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

What's your reaction?

Related Posts

1 of 1,382

Leave A Reply

Your email address will not be published. Required fields are marked *