සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත් කෙරේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපති ධුරයට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇත.​සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මොලගොඩ, කොටමුදුන්ගල රජමහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරන ලද මෙම පත්වීමට අදාළ ලිපිය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.​ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් මීට ඉහතදී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයන් හොබවා ඇත. උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂවේදී උපාධිය සහ දර්ශනපති උපාධිය ලබා ඇති අතර, ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති හා දර්ශනසූරී (PhD) ආචාර්ය උපාධි ලබා ගෙන තිබේ.​මීට අමතරව උන්වහන්සේ චීනයේ බීජිං විශ්වවිද්‍යාලයෙන් චීන භාෂාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව ද හදාරා ඇති ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනඥයෙකි.

What's your reaction?

Related Posts

1 of 1,392

Leave A Reply

Your email address will not be published. Required fields are marked *