මෙරට එතනෝල් නිෂ්පාදනය, විවිධ කාර්මික කටයුතු සහ සත්ත්ව ආහාර සඳහා වාර්ෂිකව භාවිත කරනු ලබන සහල් ප්‍රමාණය පිළිබඳ මෙතෙක් කිසිදු නිවැරදි හෝ තහවුරු කළ දත්ත පද්ධතියක් සකස් වී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී අනාවරණය වී තිබේ. මෙම නිසි දත්ත හිඟකම හේතුවෙන් දේශීය සහල් සැපයුම සහ ඉල්ලුම නිවැරදිව තක්සේරු කිරීමට බාධා මතු වී ඇති බව පෙන්වා දෙන කාරක සභාව, එම තත්ත්වය රටට සහල් ආනයනය කිරීමේදී ගන්නා තීරණ කෙරෙහි ද සෘජුවම බලපෑ හැකි බව අවධාරණය කරයි.මේ සඳහා ස්ථිර විසඳුමක් ලෙස මිනිස් පරිභෝජනය මෙන්ම සත්ත්ව ආහාර සහ කාර්මික අරමුණු වෙනුවෙන් යොදාගන්නා සහල් ප්‍රමාණයන් පිළිබඳව සතිපතා තහවුරු කළ දත්ත වාර්තා කිරීමේ විශේෂ යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කිරීමට කාරක සභාව තීන්දු කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු මෙම නව වැඩපිළිවෙළ හරහා, ඉදිරියේදී රටේ සැබෑ සහල් ආනයන අවශ්‍යතාවන් පිළිබඳව වඩාත් නිවැරදි සහ විනිවිදභාවයකින් යුත් තක්සේරුවක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.



























