රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය අද සිට තහනම්

රට පුරා පිහිටි සියලුම රාජ්‍ය ආයතන පරිශ්‍රයන් තුළ තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ පරිභෝජනය කිරීම අද (මැයි 31) සිට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පසුගිය මැයි 15 වැනිදා නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයක් මගින් මේ පිළිබඳව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. පරිසර අමාත්‍යාංශයේ පූර්ණ එකඟතාවය සහ මැදිහත්වීම මත ක්‍රියාත්මක වන මෙම තීරණය නීතිමය වශයෙන් බලාත්මක කිරීම සඳහා ආයතන ප්‍රධානීන් විසින් මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබේ.​මෙම නව පියවර 2025 වසරේ ජගත් පරිසර දින සැමරුමට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද ජාතික ප්‍රතිපත්තියක ප්‍රතිඵලයකි. ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කරමින් පරිසර හානිය වැළැක්වීම සඳහා රජය විසින් ආරම්භ කරන ලද මෙම දීර්ඝකාලීන වැඩපිළිවෙළ, සියලුම රාජ්‍ය අංශයේ සක්‍රීය දායකත්වය ඇතිව ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,167

Leave A Reply

Your email address will not be published. Required fields are marked *