මෙරට කලා ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘සාම මුද්‍රා නාට්‍යයේ’ වසර 40ක ගමන් මඟ සැමරීම සඳහා සංවිධානය කළ “TRIBUTE TO LEGENDS” සම්මාන උළෙල පසුගිය නොවැම්බර් 22 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.මෙම උළෙලට එක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ දේශීය නර්තන ශිල්පීන්ට සිය හැකියාවන් ඔප්නංවා ගනිමින් ජාත්‍යන්තර වේදිකාව ජය ගැනීමට අවස්ථාව සැලසීම අතිශය වැදගත් බවයි. එමගින් දක්ෂ නව ශිල්පී පරම්පරාවක් බිහි වීම රටක් ලෙස ලබන මහඟු ජයග්‍රහණයක් බව ද ඇය පෙන්වා දුන්නාය.ජාතිය, ආගම, භාෂාව සහ සංස්කෘතිය අනුව බෙදී සිටින මානව සංහතියට කලාව හරහා එකම මානුෂීය පණිවිඩයක් ලබා දිය හැකි බව ලෝකයට පෙන්වා දීම කලා ක්ෂේත්රය මගින් ඉටු කෙරෙන උතුම් මෙහෙවරක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.



























