බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ කසකස්ථාන ජාතික කාන්තාවකට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි මස 29 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. 2025 මැයි 20 වැනිදා වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී සිදු වූ මෙම සිදුවීමට අදාළව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනු කර තිබේ.නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල විසින් නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්තිය වෙත භාර දෙන ලදී. සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති සීසීටීවී දර්ශන අඩංගු ඩී.වී.ආර්. යන්ත්‍රය මත යළි පටිගත වීම් සිදුව ඇති බැවින් එම දර්ශන පරිගණකයක් මගින් පරීක්ෂා කිරීමට සිදු වූ බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.සාමාන්‍යයෙන් සති දෙකකින් පසු ඩී.වී.ආර්. යන්ත්‍රයක දත්ත මැකී යන බැවින්, නඩුවට අදාළ දර්ශන පරිගණකයකට ලබාගෙන සංයුක්ත තැටි මගින් විත්තියට ලබා දී ඇති බව රජයේ නීතිඥවරිය පැහැදිලි කළාය. කරුණු සලකා බැලූ විනිසුරුවරයා මීළඟ නඩු දිනයේදී සාක්ෂිකරුවෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට නියම කළේය.



























