රටේ සෑම රාජ්‍ය සේවකයකුටම විශේෂ නිල විද්‍යුත් තැපැල් ලිපිනයක් (Email Address) ලබා දීමට රජය තීරණය කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පෙන්වා දෙන්නේ, මෙම ව්‍යාපෘතිය හරහා රාජ්‍ය සේවය ජාලගත කිරීම, වීඩියෝ සම්මන්ත්රණ පහසුකම් ලබා ගැනීම සහ ආයතන අතර දත්ත හුවමාරුව ඉතා කාර්යක්ෂම කර ගත හැකි වන බවයි.වත්මන් රාජ්‍ය සේවකයන් වැඩි පිරිසක් පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම් භාවිත කරන බැවින්, මෙම නව නිල ක්‍රමවේදය මඟින් රාජ්‍ය ලියකියවිලි හා තොරතුරු හුවමාරු කිරීමේදී ආරක්ෂාව සහ වේගවත් බව තවදුරටත් තහවුරු වනු ඇත.


























