අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විරෝධතාවයක්

සෞඛ්‍ය උපාධි විකිණීම වැළැක්වීම, ආචාර්ය හිඟයට විසඳුම් සෙවීම සහ අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් කොළඹදී පැවැත්විණි. නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වූ මෙම පාගමන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) දෙසට ගමන් කිරීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගත්තේය.​මේ වන විට සිසුන් විශාල පිරිසක් ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට රැඳී සිටිමින් විරෝධතාවයේ නියැලෙන අතර, එම මාර්ගය භාවිත කරන රියැදුරන්ට විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන ලෙස බලධාරීන් දැනුම් දී ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *