සවුදි අරාබියේ අභියාචනාධිකරණය මගින් ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම තීන්දුවට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සහ මෙරට නීතිඥ කණ්ඩායම අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව සවුදි නීතිඥ කණ්ඩායම විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.මෙම නීතිමය ක්‍රියාවලිය සකස් කිරීම සහ අවශ්‍ය සහාය ලබාදීම වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අසාද් නාවාවි, ෆායිසර් මුස්තාෆා, උපල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ නීතිඥ කණ්ඩායමක් සවුදි අරාබිය බලා ගොස් ඇති බව වාර්තා වේ.ඉදිරිපත් කරන ලද අභියාචනයේ අවසන් තීන්දුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, මෙම නීතිමය පියවර අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමේ ඉදිරි ක්‍රියාවලිය සඳහා ඉතා තීරණාත්මක එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

























