සුනඛයන් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. දැනට පවතින පැරණි ආඥාපනත් දෙකක් වෙනුවට නව නීතිමය රාමුවක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.​මෙහිදී සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීමේ වයස් සීමාවන් සහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද විධිමත් කිරීමට අවධානය යොමු කර ඇත. එසේම, වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර හා ප්‍රතිකාර ලබාදෙන පිරිස් එම සතුන්ගේ නීත්‍යානුකූල හිමිකරුවන් ලෙස සලකා නීතිමය වගකීම් පැවරීම වැළැක්වීමට ද පියවර ගෙන තිබේ.​සත්ව සුභසාධනය වෙනුවෙන් පශු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුකරන ශල්‍යකර්ම මගින් වන්ධ්‍යාකරණය කිරීම, වාණිජ අභිජනන මධ්‍යස්ථාන නියාමනය සහ සත්ව හිංසනයට අදාළ දඩ මුදල් හා දඬුවම් සංශෝධනය කිරීමට ද මෙහිදී යෝජනා වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,391

Leave A Reply

Your email address will not be published. Required fields are marked *