හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම හෝ සිරගත කිරීම වැනි පියවරවලින් රටේ සාමාන්‍ය ජනතාවගේ හෝ ත්‍රීරෝද රථ රියදුරන්ගේ බඩගින්න නිවීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පවසයි. වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඔහු කියා සිටින්නේ මෙවැනි දේශපාලනික දඩයම්වලින් ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලුවලට විසඳුම් නොලැබෙන බවයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ආණ්ඩුව මේ ආකාරයෙන් කටයුතු කළහොත් ඉදිරියේදී ඔවුන් සතු මහජන ප්‍රසාදය මුළුමනින්ම ගිලිහී යනු ඇති බවට අනතුරු ඇඟවීය. අද වන විට රටේ ජනතාව මුහුණ දෙන ප්‍රධානතම අර්බුදය අධික ජීවන වියදම සහ ආර්ථික බිඳවැටීම වුවත්, පාලකයන් එම මූලික අවශ්‍යතා මඟහැර ක්‍රියා කරන බවට ඔහු චෝදනා කළේය.දේශපාලන පළිගැනීම් සහ සංදර්ශන පසෙක තබා රටේ සාමාන්‍ය වැසියන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා කඩිනම් සහ ප්‍රායෝගික වැඩපිළිවෙලක් දියත් කිරීම රජයේ වගකීමක් බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



























